පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ‘X’ (ට්විටර්) ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
මෙම තීරණය අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක් බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හඬ අවදි කරන බවටද අවධාරණය කරයි.
ඕනෑම පුද්ගලයෙකුට දණ්ඩනයක් ලබා දීමට පෙර තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙහිදී උල්ලංඝනය වී ඇති බව ඔහු පවසයි.
නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව මෙලෙස සේවය අත්හිටුවීම බරපතළ ගැටලුවක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.විධිමත් පරීක්ෂණයකින් තොරව මෙවැනි තීරණ ගැනීම හරහා මෙය පෞද්ගලික පලිගැනීමක් මත පදනම් වූවක් ද යන සාධාරණ සැකය මතු වන බව ඔහු සඳහන් කරයි.
මෙවැනි පූර්වාදර්ශයන් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අතිශය භයානක තත්ත්වයක් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්