හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.
තමා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත මෙම නඩුව පවරා ඇත. මෙම සිද්ධියට අදාළ විමර්ශන අද දින වන විට අවසන් කර වාර්තා කරන ලෙස පසුගිය නඩු වාරයේදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් 2025 අගෝස්තු මස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපතිවරයා, පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මීට පෙර නියෝග කළාය.
එම දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී, විමර්ශන 2026 ජනවාරි 28 වනදා වනවිට අවසන් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!