2025 වර්ෂයේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පවතින තත්ත්වයන් මත පදනම්ව මෙම වසරේදී එම වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා අඩු විය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති විවරණයන් ඉදිරිපත් කරමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉකුත් 2025 වසරේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ එක්වරම ඉහළ ගිය අධික ඉල්ලුම මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි. සීමා ඉවත් කළ මුල් අවධියේ පැවති තීව්‍ර ඉල්ලුම සමනය වීම මෙලෙස ආනයන වියදම අඩුවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ආනයන සීමා ලිහිල් වීමෙන් පසු වෙළෙඳපොළ තුළ ඇති වූ සැපයුම් අවශ්‍යතාව මේ වන විට බොහෝ දුරට සපුරා ඇති බැවින්, ඉදිරි මාස කිහිපය තුළ විදේශ විනිමය වැයවීම් වඩාත් පාලනය වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට