හොරණ, රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවල 07 කණුව ආසන්නයේ දී ත්‍රීරෝද රථයක් හා තෙල් බවුසරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 20 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි කිරිඇල්ල පොලිසිය පවසනවා.
මෙම අනතුර පසුගියදා (02) රාත්‍රී සිදුව ඇති අතර, ඉංගිරිය ප්‍රදේශයේ පැවති ධර්මදේශනා පින්කමකට සහභාගි වීම සඳහා ත්‍රීරෝද රථයෙන් මෙම තරුණිය ඉංගිරිය දෙසට ගමන් කර ඇති අතර තෙල් බවුසරය රත්නපුර දෙසට පැමිණ ඇතැයි පොලිසිය පවසනවා.
වංගුවක් සහිත ස්ථානයක දී ත්‍රීරෝද රථය තෙල් බවුසර යේ ගැටීමෙන් පිටුපස අසුනේ සිටි තරුණිය විසි වී බවුසරයේ පිටුපස රෝදවලට යට වී ඇතැයි පොලිසිය පවසනවා. අනතුරින් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බවට අනාවරණය වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ 20 හැවිරිදි බෙරලියන, මදනගොඩ, අයගම, කිරිඇල්ල ලිපිනයේ පදිංචි තරුණියක්.
සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කිරිඇල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!