නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වසා දැමීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර සහ කටකතා පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න යොමු නොකරන ලෙසයි.
වික්‍රමාරච්චි වෛද්‍ය පීඨයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, එම පීඨය නිසි විධිමත්භාවයකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් සිසුන් අසරණ වී ඇති බවත්, ඒ පිළිබඳව විද්වත් කමිටු වාර්තාවක් අනුව දේශපාලනමය නොවන විද්‍යාත්මක විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පද්ධතියට අවශ්‍ය ස්මාර්ට් පුවරු (Smart Boards) බෙදා දීම අධ්‍යාපන අමාත්‍යංශය මගින් දැනටමත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනාවරණය කළාය. ඒ සඳහා පාසල් මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත්, එවැනි මුදල් එකතු කිරීම් සිදුකරන්නේ නම් ඒවා වහාම නතර කරන ලෙසත් ඇය නියෝග කළාය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනටමත් නිල නියෝගයක් නිකුත් කර ඇති බවද ඇය සිහිපත් කළාය.
1 සිට 5 ශ්‍රේණි දක්වා තොරතුරු තාක්ෂණය වෙනම විෂයක් ලෙස ඉගැන්වීමක් සිදු නොවන නමුත්, ගෝලීය තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි එක් එක් වයස් කාණ්ඩයන්ට අවශ්‍ය තාක්ෂණික අවබෝධය ලබා දීම පිළිබඳව විද්වත් සංවාදයක් ආරම්භ කර තිබේ. එහිදී ළමා ආරක්ෂණය සහ විද්වත් උපදෙස් සලකා බලා තීන්දු ගන්නා බවත්, විෂයමාලා සම්බන්ධයෙන් දේශපාලන තීන්දු නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පවතින අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය මත කටයුතු කරමින් පවතින බවද මෙහිදී හෙළි විය. වසර 30ක් පැරණි ගුරු සේවයේ පවතින උසස්වීම් ගැටලු, සේවා ව්‍යවස්ථාවට පටහැනි බඳවා ගැනීම් සහ ප්‍රායෝගික දුෂ්කරතා විසඳා ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ පාසල් පෙළපොත්, නිල ඇඳුම්, සුරක්ෂා රක්ෂණය, සනීපාරක්ෂක තුවා වවුචර්පත්, ප්‍රාථමික ශ්‍රේණිවල දිවා ආහාරය සහ ශිෂ්‍යත්ව සමත් අඩු ආදායම්ලාභී දරුවන් සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කරන බවයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්