මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හෝ කොන්දොස්තරවරුන් සේවයේ යොදවා ඇති බස් රථවල මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, තම බස් රථයේ රියදුරා හෝ කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න පිළිබඳව බස් රථ හිමිකරු අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බවයි.
රියදුරන්ගේ හෝ කොන්දොස්තරවරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව බස් හිමියන් දැනුවත් නැතැයි යන කරුණ රජය කිසිසේත්ම පිළි නොගන්නා බවද ඔහු පවසා සිටියේය.
එබැවින් තම ව්‍යාපාරය සහ මාර්ග බලපත්‍රය ආරක්ෂා කර ගැනීමට නම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූ වගකීම් සහගත පිරිසක් සේවයේ යොදවා ගැනීමට බස් හිමියන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූ දක්ෂ තරුණ රියදුරන් ඕනෑතරම් ගම්වල සිටින බැවින්, එවැනි අය සඳහා අවස්ථාව ලබාදීමෙන් අනතුරු සහ නීතිමය ගැටලු අවම කරගත හැකි බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පොදුරාජ්‍ය මණ්ඩල පිටිය ජයගත් රුමේෂ් තරංග සහ පාලිත බණ්ඩාර දිවයිනට
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි! පලාගිය සැකකරුවන් සොයා විමර්ශන!
චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි පිතිකාරිනියන් අතර ඉදිරියට
බන්ධනාගාර තදබදයට විකල්පයක්
ආපදාවෙන් මරණ 8ක්
මහනුවර, ගාල්ල සහ යාපනය නගරවලටත් සැප බස්
පොලීසියට ලක්ෂ 5ක අල්ලසක් දෙන්න ගිය තරුණයා අත්අඩංගුවට
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
චාමික කරුණාරත්නට එරෙහි DNA ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය
ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩු 05ක් ගැන අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග
යෝෂිත හා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද පාරට