විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට සහභාගී වීම සඳහා පාකිස්ථාන රජය එරට ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් අවසර ලබා දී තිබේ.
ඒ අනුව දෙරට අතර පැවති යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මත තරගය වර්ජනය කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට පාකිස්ථානය පියවර ගෙන ඇති අතර, සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනු ඇත
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලොවම බලා සිටින ඉන්දියා – පාකිස්ථාන මහා සංග්‍රාමය සැලසුම් කළ පරිදිම කොළඹදී පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්ථාන රජය වෙත සිය ස්තූතිය පළ කර තිබේ.
ජනාධිපතිවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරමින් පාකිස්ථානය ගත් මෙම තීරණය ඉතා අගය කොට සලකන බවයි.
මෙම තීරණාත්මක එකඟතාව ඇති වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) පස්වරුවේ පැවැති විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුවය.
රාජ්‍ය තාන්ත්‍රික ගැටලු හමුවේ මෙම තරගය වර්ජනය කිරීමට මීට පෙර පාකිස්ථානය තීරණය කර තිබුණද, ජනාධිපතිවරයා කළ පෞද්ගලික ඉල්ලීමකට අනුව එම තීරණය වෙනස් කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන ඇත.
මෙහිදී ජනාධිපතිවරයා 1996 ලෝක කුසලාන සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරු අවස්ථාවේදී ඉන්දියාව සහ පාකිස්ථානය ලබා දුන් නොමඳ සහයෝගය කෘතවේදීව සිහිපත් කර තිබේ.
දෙරට අතර පවතින සබඳතාවය අනෙකුත් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෞරවය පෙරදැරි කරගෙන සිය කණ්ඩායම තරගයට සහභාගී කරවන බවයි.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!