පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළේ, කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත වූ බවයි.
මෙම පියවර “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
වසර කිහිපයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ලබාගන්නා විශ්‍රාම වැටුප අහෝසි කිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන 1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත මෙම නව පනත මගින් අහෝසි වීමට නියමිතය.
ලබන සතියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු විශ්‍රාම වැටුපක් හිමි නොවේ.
මෙය දේශපාලනය වෘත්තියක් නොව සේවයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීමක් බවත්, රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත් ඉතා වැදගත් පියවරක් බවත් නජිත් ඉන්දික මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා