“මර්දනයට, ආර්ථික පීඩනයටල එරෙහිව නැගී සිටිමු” මැයෙන් රජයට එරෙහිව දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,බහුජන සංවිධාන ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පාගමනක් සංවිධාන කළා.
ඒ, කොටුව දුම්රියපල ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බවට පොලිසිය අදාළ සංවිධායකයින්ට ලිඛිතව දැනුම් දී තිබූ පසුබිමකයි.
විරෝධතාව ආරම්භ වීමටත් ප්‍රථම මරදාන, කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශවලට පෙරවරුවේ සිටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.
විරෝධතාකරුවන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට රැස්වූ අතර ඊට සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් හා 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා හා පෙරටුගාමී සමාජවාදි පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
කෙසේ වෙතත් ඊට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වුයේ නැහැ.
පසුව පාගමන ආරම්භ වු අතර ටෙක්නිකල් හංදිය හරහා විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන් කළේය.
ටෙක්නිකල් මංසන්ධිය හරහා විරෝධතාකරුවන් ඕල්කට් මාවතට පිවිස කොළඹ – කොටුව දෙසට ගමන් කළා.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් එතැන් සිට මද දුරක් ඉදිරියට ගමන් කරද්දී පොලිසිය
විරෝධතාකරුවන්ගේ මඟ හරස් කළා.
අනතුරුව පිරිස එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වුණා.
මෙහිදී දේශපාලනඥයන් එම විරෝධතාව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උරණ වූ විරෝධතාකරුවන්ගෙන් දේශපාලනඥයින්ට විරෝධය එල්ල විය.
ලොරියක තුළ සකස්කළ වේදිකාවක් මත සිට ජන හමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනඥයන් උත්සහ ගත්ත ද පිරිසගේ විරෝධතාව හේතුවෙන් එය අතර මග නැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත් අතර සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස ඉන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියේය.

අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට