විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් ඊයේ (12) සමත් වුණා.
ඒ විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවා බවට පත්වෙමිනි.
ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ඔහු පන්දු 56ක් තුළ ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. මෙම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කරන විට නදීම්ගේ වයස අවුරුදු 43යි දින 161ක් ලෙස සටහන් විය.
මෙම දක්ෂතාවත් සමඟ ඔහු බිඳදමනු ලැබුවේ වසර 17ක් පුරා නොබිඳී පැවති ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය තබා තිබූ වාර්තාවකි.
වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය, 2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 81ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. එම අවස්ථාවේදී ජයසූරියගේ වයස අවුරුදු 39යි දින 345ක් වූ අතර, වසර ගණනාවකට පසු ඕමාන ක්‍රීඩකයෙකු අතින් එම වාර්තාව අලුත් වීම කැපී පෙනෙන සිදුවීමකි.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ