මෑත කාලීනව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් තමන්ගේම නිර්මාණාත්මක ඡායාරූප සකස් කර පළ කිරීමේ විශාල ප්‍රවණතාවක් දක්නට ලැබේ.
පුද්ගලීකරණය කරන ලද ඩිජිටල් කැරිකේචර් (Personalized digital caricature) ලෙස හැඳින්වෙන මෙම රූප රාමු මගින් පුද්ගලයෙකුගේ වෘත්තිය, විනෝදාංශ සහ පෞරුෂය එකම රූපයකට ගොනු කර පෙන්වනු ලබයි.
කෙසේ වෙතත්, මෙම විනෝදාත්මක ක්‍රියාවලිය පිටුපස දැවැන්ත පෞද්ගලික දත්ත අවදානමක් පවතින බව විෂය ප්‍රාමාණිකයකු වන හරිත දහනායක මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන පරිදි, මෙවැනි AI මෘදුකාංග වෙත ඔබේ ඡායාරූපයක් ලබා දුන් විට, එම ආයතනයට ඔබේ රුව ගබඩා කර ගැනීමටත්, එය ඔවුන්ගේ AI පද්ධති පුහුණු කිරීම සඳහා යොදා ගැනීමටත් නිරායාසයෙන්ම අවසර හිමි වේ.
මෙහි ඇති බරපතලම තර්ජනය වන්නේ ඔබේ මුහුණේ ජෛවමිතික දත්ත (Biometric Data) හෙවත් ඇස් අතර පරතරය සහ හනුවේ හැඩය වැනි වෙනස් කළ නොහැකි සුවිශේෂී මිනුම් එම පද්ධති තුළ සටහන් වීමයි. මුරපදයක් (Password) මෙන් නොව, ඔබේ මුහුණේ ලක්ෂණ වෙනස් කළ නොහැකි බැවින් මෙවැනි දත්ත සොරාගැනීමකට ලක්වීම ජීවිත කාලයටම බලපාන තර්ජනයක් විය හැකිය.
මීට අමතරව, මෙම රූප සැකසීමට ලබා දෙන තොරතුරු හරහා පුද්ගලික පැතිකඩක් (Profile) නිර්මාණය කිරීමට වංචාකරුවන්ට අවස්ථාව ලැබේ. “මම ක්‍රිකට් වලට කැමති නීතිඥයෙක්” වැනි විස්තර හරහා ඔබව ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර (Phishing) එල්ල කිරීමට ඔවුන්ට මග පෑදේ.
විශේෂයෙන්ම කුඩා ජංගම දුරකථන යෙදුම් (Apps) ඔබේ දත්ත ප්‍රචාරණ ආයතන වෙත විකිණීමේ අවදානමක් ද පවතී. අපගේ තොරතුරු ස්වකැමැත්තෙන්ම මෙවැනි දත්ත ගබඩාවලට (Databases) ලබා දීම මගින් ඉදිරියේදී රූපයක් දුටු පමණින් ඕනෑම අයෙකුගේ සම්පූර්ණ ඉතිහාසයම අනාවරණය කර ගැනීමේ හැකියාව AI පද්ධති සතු වන බවට හරිත දහනායක මහතා අනතුරු අඟවයි.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි