Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතිඥවරුන් නොමැතිව උසාවියට ආ නාමල් රාජපක්ෂ

9 hours ago

ඉන්දියානු ක්‍රිෂ් (Krish) සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළේය.

නීතිඥවරුන් අද දින අධිකරණ රාජකාරිවලින් බැහැරව සිටීමට තීරණය කර තිබීම හේතුවෙන් නඩු විභාගය මෙලෙස කල් තැබීමට සිදු විය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කළ බවට නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *