Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්ෂ්‍රේත්‍ර කිහිපයක ආයෝජකයන්ට බදු සහන ලබාදීමට රජයෙන් තීරණයක්

13 hours ago

රජයේ නව ආර්ථික ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති දිරිගැන්වීම සඳහා වසර 10ක් දක්වා දීර්ඝ වන සුවිශේෂී බදු සහන මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සඳහා වන නව චක්‍රලේඛය භාණ්ඩාගාරය මගින් නිකුත් කර ඇති බව ‘ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත. මෙම සහන මාලාව ප්‍රධාන වශයෙන් සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්ම සහ අධ්‍යාපන තාක්ෂණ යන ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී තිබේ.

නව චක්‍රලේඛයට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 50 සිට 300 දක්වා ආයෝජනය කරනු ලබන ව්‍යාපෘති සඳහා වසර 06 සිට 10 දක්වා කාලයකට මෙම බදු සහන හිමිවේ. මෙහිදී විශේෂ කොන්දේසියක් ලෙස අදාළ ආයෝජනයන් හරහා අවම වශයෙන් 100 සිට 250 දක්වා දේශීය රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීම අනිවාර්ය කර ඇත. විශේෂයෙන්ම සංචාරක සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ඩොලර් මිලියන 300 ඉක්මවන මහා පරිමාණ ආයෝජන සඳහා වසර 10ක උපරිම බදු සහන කාලසීමාවක් හිමිවන අතර, එම කාලය තුළ අදාළ ව්‍යාපෘති සියලුම සංස්ථාපිත ආදායම් බදු (CIT) ගෙවීමෙන් නිදහස් වනු ඇත.

මීට අමතරව, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය සඳහා ද බදු නිදහස් කිරීම් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත්, ව්‍යාපෘති සඳහා ලබාදෙන මෙම බදු සහන යටතේ ගමන් බිමන් හෝ පුද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කරන මෝටර් රථ ආනයනය කිරීමට කිසිදු අවසරයක් හිමි නොවන බව භාණ්ඩාගාරය අවධාරණය කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *