සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයට තුඩුදුන්, බළලෙකු අමානුෂික ලෙස අපයෝජනයට ලක් කරන වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු වලපනේ පොලිසිය විසින් 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ සත්ත්ව සුභසාධන කණ්ඩායම් සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ක්‍රියාත්මක වූ පොලිසිය, ඉකුත් පෙබරවාරි 8 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු තිබ්බටුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු එදිනම වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව පෙබරවාරි 24 වන දින දක්වා දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මීට අමතරව, අදාළ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කර තිබේ.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි