කෘත්‍රිම බුද්ධිය (AI) ආධාරයෙන් නිපදවන ලද ගුණාත්මකභාවයෙන් තොර වීඩියෝ (AI Slop) ප්‍රචාරය කරමින් අතිවිශාල ලාභයක් ඉපයූ ප්‍රධාන පෙළේ යූටියුබ් නාලිකා 16ක් වසා දැමීමට ගූගල් සමාගම පියවර ගෙන තිබේ.
මෙම නාලිකා මඟින් යූටියුබ් ආයතනයේ අනිසි භාවිතය සහ ස්පෑම් (Spam) ප්‍රතිපත්ති දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බව තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
තහනම් කරන ලද නාලිකා අතර මිලියන 5කට වඩා ග්‍රාහකයින් සිටි Cuentos Facinantes සහ Imperio de Jesus වැනි ජනප්‍රිය නාලිකා ද වේ. වාර්තාවලට අනුව මෙම නාලිකා 16 සතු මුළු ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 35කට අධික වන අතර, ඔවුන් ලබාගෙන තිබූ මුළු නැරඹුම් වාර සංඛ්‍යාව බිලියන 4.7කි.
මෙම නාලිකාවල ඇස්තමේන්තුගත වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10කට (රුපියල් බිලියන 3කට) ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නොමඟ යවන සුළු මාතෘකා භාවිත කිරීම, අඩු ගුණාත්මක AI හඬවල් යොදා ගැනීම සහ පද්ධතිය (Algorithm) අනිසි ලෙස හසුරවමින් සැබෑ නිර්මාණකරුවන්ගේ අවස්ථා අහුරා දැමීම මෙම නාලිකාවලට එල්ල වූ ප්‍රධාන චෝදනා වේ.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි