අග්‍රාමාත්‍ය සනයි තකයිචි මහත්මියගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය එරට පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ.
ඊයේ (08) පැවැති මෙම මැතිවරණයේදී පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) ප්‍රමුඛ සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය තහවුරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පවතින මුළු ආසන 465 න් ආසන 352ක්ම දිනා ගැනීමට සනයි තකයිචිගේ සන්ධානය සමත්ව ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේදී එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, සනයි තකයිචි මහත්මිය ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස වැඩභාර ගත්තාය.
අග්‍රාමාත්‍ය ධුරයට පත්ව මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත් අතර, මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ඇයගේ දේශපාලන ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට