සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.
මොගඩිෂු සිට ගුවන්ගත වීමෙන් සුළු වේලාවකට පසු යානයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 55 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති බව තහවුරු කර ඇත.
නියමුවා විසින් යානය වෙරළ තීරය වෙත සාර්ථකව යොමු කිරීම නිසා මගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව අදාළ ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.
තාක්ෂණික ගැටලුව වාර්තා වූ සැනින් සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යානය යළි ගොඩබස්වන ලෙස උපදෙස් ලබා දී තිබුණ ද, එය ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට පෙර මෙලෙස අනතුරට මුහුණ දී ඇත.

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්