සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.
මොගඩිෂු සිට ගුවන්ගත වීමෙන් සුළු වේලාවකට පසු යානයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 55 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති බව තහවුරු කර ඇත.
නියමුවා විසින් යානය වෙරළ තීරය වෙත සාර්ථකව යොමු කිරීම නිසා මගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව අදාළ ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.
තාක්ෂණික ගැටලුව වාර්තා වූ සැනින් සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යානය යළි ගොඩබස්වන ලෙස උපදෙස් ලබා දී තිබුණ ද, එය ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට පෙර මෙලෙස අනතුරට මුහුණ දී ඇත.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට