පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක තරගය ඊයේ (15) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මුළු මහත් ක්‍රීඩා ලෝලීන්ගේම අවධානය දිනාගත් මෙම තියුණු සටනින් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 61 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
මෙම සුවිශේෂී තරගය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද කෙත්තාරාම ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි අතර, ජනාධිපතිවරයාට අමතරව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොක්සින් නක්වි යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ප්‍රභූන් රැසක් ප්‍රේක්ෂකාගාරයේ අසුන්ගෙන සිටිනු දැකගත හැකි විය.
තරගය අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවට විශේෂ සටහනක් එක් කරමින්, තරගයේ උද්යෝගය සහ ක්‍රීඩාව හරහා ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතාවල වැදගත්කම පිළිබඳව සිය අදහස් පළ කර තිබුණි.


තමිල්නාඩු මහ ඇමැති ලාංකික සරණාගතයන්ට සරණක් ඉල්ලයි
ඉන්දු – පාකිස්තාන ගැටුම නැරඹීමට කටුනායකට පැමිණි පෞද්ගලික ජෙට් යානා 15
පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
වන අලි ප්‍රහාරයකින් විදේශීය සංචාරකයෙකු ජීවිතක්ෂයට
මතීෂ පතිරණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ගත් තීරණය මෙන්න!
ලැබූ අවමන් සහගත පරාජය හමුවේ පාකිස්ථාන පිළේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක්ට ගෙදර යන්න කියයි
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඉන්දීය ධීවරයන් 25 දෙනෙක් අත්අඩංගුවට
ජනපති හෙට ඉන්දියාවට