ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI IMPACT 2026 සමුළුව අද (19) ඇමතීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිටත් නවදිල්ලි නුවරට ගොස් සිටිනවා.
ඊට සමගාමීව ජනාධිපතිවරයා අද (19) සහ හෙට (20) හමුවීම් රැසකට එක්වීමට නියමිතයි.
මේ අතර නව දිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමනු ලබන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා ඊයේ (18) එක් වුණා.
කෘත්‍රීම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඒ.අයි ඉම්පැක්ට් 2026 සමුළුව පැවැත් වෙනවා.
රාජ්‍ය නායකයන් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වෙන එම සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) දිනයේ ඇමතීමට නියමිතයි.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ