අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව බද්ද පනවා ඇත.
ජනාධිපති ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේ දැක්විණි.
එහිදී 6-3ක බහුතරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ, ජාතික හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති නීතිය හරහා තීරුබදු පනවා ට්‍රම්ප් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවය.
කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කරන ට්‍රම්ප් නව බද්ද ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ, එම තීන්දුව ‘දරුණු’ බවය.
එමෙන්ම ඔහුගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් ‘මෝඩයන්’ ලෙස ඔහු අර්ථ දක්වා ඇත.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!