විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය හමුවේ කලකිරීමට පත්ව සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු සහ හිටපු නායක ලසිත් මාලිංග සිය නිල ‘Facebook’ ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
අතීතය සිහිපත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු මීළඟ ලෝක කුසලානය (2014 විස්සයි20 ලෝක කුසලානය) ජයග්‍රහණය කිරීමට වසර 18ක දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වූ බවයි. එම නිසා, පරාජයන් හමුවේ කණ්ඩායම අත්නොහැර තවත් ලෝක කුසලානයක් දිනන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ රැඳී සිටින ලෙස ඔහු රසිකයන්ගෙන් ඉල්ලා සිටියි.
“අත්හරින එක ක්‍රීඩාවේ විසඳුම නෙවෙයි” යනුවෙන් අවධාරණය කරන මාලිංග, ජයග්‍රහණය කරා යන ගමනේදී ඉවසීමෙන් සහ විශ්වාසයෙන් යුතුව කණ්ඩායම පිටුපස සිටීමේ වැදගත්කම මෙම සටහන හරහා පෙන්වා දී ඇත.
ලසිත් මාලිංග තැබූ සටහන,
“1996 දී අපේ රට පළවෙනි ලෝක කුසලානය දිනපු දවසෙ ඉදල එක දිගට ලෝක කුසලානවල පළවෙනි වටයෙන්, ඒ වගේම final ඇවිත් ලෝක කුසලාන හතරක අවසාන තරගය පරදිනකොට ක්‍රීඩාවට ආදරය කරපු ගොඩක් අය ක්‍රීඩාවෙන් ඈත් වෙන්න ඇති.
ඒත් මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් කියල හිතපු හැමෝම අමාරුවෙන්, දුකෙන්, බැන බැන හරි 2014 වෙනකන් ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ටත් සහයෝය දෙන ගමන් අවුරුදු 18ක් ඉවසන්න ඇති. ඒ ඉවසීම නිසා 2014 දී දිනන්න පුලුවන් උනා.
ඉතින් අපිට තවත් ලෝක කුසලානයක් දිනන්න බැරිවෙන්න විදියක් නෑ. ඉතින් දැන් අවුරුදු 12 ගියා. ඒත් ක්‍රීඩාව, තේරුම් ගෙන ක්‍රීඩාවත් එක්ක ඉන්න ගොඩක් අය ඇති.
ඒ නිසා මම වගේම ඒ අයත් ඊළඟ ලෝක කුසලානය දිනනකන්ම ක්‍රීඩාවත් එක්ක ඉදියි. අතහරින එක ක්‍රීඩාවේ විසදුම නෙමෙයි” යනුවෙන් ඔහු දක්වා තිබුණි.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට