මැදපෙරදිග කලාපය තුළ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාවය සැලකිල්ලට ගනිමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) සිට මැදපෙරදිග රටවල් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 5:00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඉරානය ඇතුළු රටවල් කිහිපයක ගුවන්තොටුපොළවල් ඉලක්ක කරගනිමින් එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම හදිසි පියවර ගත් බව බලධාරීන් සඳහන් කරයි.
මේ හේතුවෙන් මැදපෙරදිග බලා පිටත්ව යාමට සිටි මගීන් විශාල පිරිසක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටින අතර, ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අදාළ ගුවන් සමාගම් අමතන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටී.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්