කුමන බාහිර බලපෑම් එල්ල වුවද මෙරට බලශක්ති සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය අවශ්‍ය සියලු පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“මම හිතන්නේ කිසිදු ජගතෙකුට පුරෝකථනය කරන්න පුළුවන් තත්ත්වයක් ලෝකයේ නැහැ. යුද්ධයට මැදිහත් වෙලා ඉන්න පාර්ශවකරුවන්ටත් පුරෝකථනය කරන්න බැහැ. මාස දෙකකට වඩා වැඩිය යුද්ධය යනවා. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදෙන්න අපි වගවෙනවා. මිල උච්චාවචනය විය හැකියි. මම තෙල් ළිං අයිතිකාරයෙක්, මට ලාභ ගන්න වැඩිකරනවා නෙමෙයි මේ. එහෙම නැත්නම් තෙල් සමාගමක ඒජන්තයෙක් මට ලාභ ලාබාගනීම සඳහා තෙල් වැඩිකරනවා නෙමෙයි. මම තෙල් සමාගම නෙමෙයි කවර සමාගමකවත් ඒජන්තයෙක් නෙමෙයි. හැබැයි අපිට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් විදිහට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සිදුකරන්න. ඒ සැපයුම සඳහා අවශ්‍ය මූල්‍ය උපායන් සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තරව ඇතිවන කම්මපනයට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි බාහිර කම්පනයට මුහුණ දෙන්න තව ටිකක් කල් යයි මේ ගොඩනැගෙමින් තිබෙන වෙලාවක් අපිට කම්පනයක් ඇතිකරලා තියෙනවා.”

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ