1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) වන රේගු ආඥා පනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද 2026 ජනවාරි මස 31 දිනැති අංක 2473/31 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත නියමය, 2026 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධනය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව රේගු නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගියදා (12) මෙම නිවේදනය නිකුත් කර ඇත.
වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරයේ වලංගු කාලය 2026 පෙබරවාරි මස 01 සිට 2026 දෙසැම්බර් 31 දක්වා වන කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි, තවදුරටත් දීර්ඝ කරමින් 2026 ජනවාරි 31 දින අංක 2473/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි.
මේ අනුව එම ගැසට් නිවේදනයේ නියමයන් පසුගියදා (12) දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2479/55 දරන නව අති විශේෂ ගැසට් නිවේදනය මගින් අවලංගු වනු ඇත.


රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට