ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුවේ බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල (Brent Crude) 2.8%කින් ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල ඩොලර් 103.08ක් ලෙස සටහන් විය. මීට අමතරව අමෙරිකානු බොරතෙල් මිල ද (WTI) 3%කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 96.25ක් ලෙස වාර්තා වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කළ බවට වාර්තා වීමත් සමඟ ඊයේ (16) දිනයේ බොරතෙල් මිල සුළු වශයෙන් පහත වැටුණ ද, අද වන විට එය යළි ඉහළ යාම විශේෂත්වයකි.
බලශක්ති අවශ්‍යතා සඳහා ප්‍රධාන වශයෙන් ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) දිනයේ සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ වී තිබේ.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම