අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු “සම්පූර්ණ වීමට ආසන්න” බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ.
වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවය.
මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් “ශිලා යුගය” දක්වා ආපස්සට ඇද දමන බවට ඔහු අනතුරු ඇඟවීය.
අමෙරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත්, එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතමින් මේ බව පැවසුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ කලාපීය නොසන්සුන්තාවයන් මධ්‍යයේය.
ඉරානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප් මෙහිදී දැඩිව ප්‍රකාශ කළේය.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!