නාසා ආයතනයේ ‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් (Orion) අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂයෙන් මිදී මේ වන විට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.
පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් සාර්ථකව ගමන් කිරීමෙන් අනතුරුව යානය මෙම තීරණාත්මක ගමන් මගට අවතීර්ණ වූ බව නාසා ආයතනය අද (03) පෙරවරුවේ නිවේදනය කළේය.
මෙම මෙහෙයුම් සැලසුමට අනුව ඔරියන් යානයට දින හතරක කාලයකින් සඳට ළඟා වීමට අවස්ථාව හිමි වේ.
සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, ලබන අප්‍රේල් 6 වනදා වන විට මිනිස් ඇසට කිසිදා සජීවීව දර්ශනය නොවන සඳෙහි අනෙක් පස (Far side of the Moon) වටා ගමන් කිරීමට මෙම ගඟනගාමීන්ට අවස්ථාව උදාවනු ඇත.
මෙය 1972 වසරෙන් පසුව, එනම් වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මනුෂ්‍ය මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වේ.
දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ (Moon Landing) අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සහ තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීමයි.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට