රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ස්ථානමාරුවීම් සහ පත්වීම් ක්‍රියාවලියේ ගැටලු මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ලබන බ්‍රහස්පතින්දා (09) සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීම පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.
දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කර තිබුණි.
ඒ අනුව අද විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්