එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී බාහිර පාර්ශවයන්ගෙන් තුටුපඬුරු ලබා ගැනීම සහ ව්‍යාපාරික දායකත්වයෙන් සාද පැවැත්වීම තහනම් කරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සුබ පැතීම සඳහා හැම්පර්ස් (Hampers) හෝ තෑගි වවුචර් පිරිනැමීම මෙන්ම එවැනි දෑ භාරගැනීම ද මෙම නියෝගය මගින් මුළුමනින්ම තහනම් කර ඇත. ඇතැම් පොලිස් ස්ථාන ව්‍යාපාරික ප්‍රජාවගේ මුදල් දායකත්වයෙන් අවුරුදු සාද සංවිධානය කරන බවට ලැබුණු තොරතුරු මත මෙම පියවර ගෙන තිබේ. කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් අවුරුදු උත්සව සඳහා මුදල් එකතු නොකළ යුතු බව ද එහි අවධාරණය කර ඇත.
පොලිස් ස්ථානවල සිදුකෙරෙන අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් එක් නිලධාරියෙකු සඳහා රුපියල් 250 බැගින් වූ මුදලක් ‘පොලිස් ත්‍යාග අරමුදලෙන්’ ලබා දීමට පොලිස්පතිවරයා අනුමැතිය ලබා දී තිබේ. මෙම නියෝග උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධීක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ අතර, සේවා අවශ්‍යතා සහ පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට