2026 වර්ෂයේ 1 ශ්‍රේණිය දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ ඒ අනුව අදාළ බෙදා හැරීම් එළැඹෙන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදා හැර අවසන් කිරීමට නියමිත බවය.
1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විශය අධ්යක්ෂවරුන් ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය අමතර පුහුණු කිරීම් එළැඹෙන මැයි 16 දින වන විට අවසන් කිරීමට පළාත් අධ්යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේය.
තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇති බවත් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි