සති අන්තයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ නාවික ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වැසී යාමේ තර්ජනය හමුවේ අද (සඳුදා) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 6%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.
පසුගිය සිකුරාදා මිල ගණන් 9% කින් පහත වැටී තිබුණ ද, නවතම ගැටුම්කාරී තත්ත්වයත් සමඟ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ඩොලර් 6.11 කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 96.49 ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල ද ඩොලර් 6.53 කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 90.38 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ දෙරට අතර පැවති සති දෙකක සටන් විරාමය ප්‍රායෝගිකව බිඳ වැටී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස දෙවන වටයේ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරානය ප්‍රකාශ කර ඇත.
ලෝක තෙල් සැපයුමෙන් 20%ක් හුවමාරු වන හෝමුස් සමුද්‍ර සන්ධියට පනවා තිබූ අවහිරතා ඉරානය විසින් නැවත බලාත්මක කිරීම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවයි.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි