ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසිනි.
ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා සඳහා වැට් අයකිරීම් ජූලි මස පළමුවෙනිදා සිට සිදු කෙරෙනු ඇත.
ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ ඇතුළත් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා යන සීමා අඩු කිරීමට පියවර ගෙන තිබෙන අතර එය ද ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේදී එම තැනැත්තාගේ බදු අය කළ හැකි කාලසීමව තුළ දී ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සම සේවාවල බදු අය කළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන නවයක් ඉක්මවා තිබිය යුතුය.
එමෙන්ම මූල්‍ය සේව මත වන වැට් බදු සියයට 18 සිට සියයට 20.5 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ.
ඩිජිටල් සේවා මත බදු ලියාපදිංචි කිරීම සහ ගෙවීම සඳහා විධිවිධාන සලස්වනු ඇත.

බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්
කාන්තාවකට මරු කැඳ වූ අකුණු සැර පහර
පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්
සියලුම ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
කෙසෙල්ගමුඔයට පැන්න පුද්ගලයාගේ මළසිරුර සොයා ගැනේ