හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවය.
හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ, අද උදෑසන 9ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටීමට නියමිත බවය.
කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධයෙන් නීතිඥවරු කණ්ඩායමක් හමුවේ සාකච්ධා පැවැත්වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා දුන් පාපොච්චාරණයක් උපයෝගි කරගනිමින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇති නමුත් ඔහු ලබා දුන් පාපොච්චාරණය ඔහුට තර්ජනය කර බලෙන් ලබා ගැනීමක් බවට ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබා දී ඇති බවත් පැවසූ නීතිඥ මනෝජ් ගමගේ මහතා එම කරුණු පදනම් කරගනිමින් මෙම කැඳවීම සිදුකරන්නේ නම් එය නීතිවිරෝධී බවද පැවසීය.

නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු