ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම නිසා ඉදිරියේදී ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.
ඒ අනුව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ මහ බැංකුව විසින් වෙළෙඳපොළේ ඇති ඩොලර් මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්තයක් පැවතීම නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් රුපියල පීඩනයකට ලක්ව ඇති බවයි.
එසේම පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය සීමා වීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා හේතුවෙන් පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය පහත වැටී ඇති බව සඳහන්.
මෙසේ රුපියල දුර්වල වීම ඛනිජ තෙල් මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන අතර, ඒ අනුව ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඉහළ යාමත් සමඟ අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් පොදු ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද පෙන්වා දෙයි.
“පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා.”

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා