නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා ඊයේ වටලා තිබෙනවා.
එහිදී එක් සැකකරුවෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 55ක් වන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටින මාලදිවයින් ජාතිකයෙක්.
ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම ස්ථානය වටලා තිබුණා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබුණා.
එහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සම්ප්‍රේෂණ උපකරණ ද සමඟ නීතිවිරෝධී රූපවාහිණී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සිදුවීම සම්බන්ඳයෙන් ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර
මෙවර ශ්‍රීපාද වාරයේදී වන්දනාවේ පැමිණි පුද්ගලයින් 322ක් අත්අඩංගුවට
“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහින්ද, නාමල් සහ බැසිල් පිල්ලෙයාන් හම්බවෙන්න බන්ධනාගාරයට ගිහින්” – අධිකරණයේදී හෙළිවෙයි
රොනාල්ඩෝගේ ලෝක කුසලාන පෘතුගාල සංචිතය නම් කරයි
බදු වැඩි කිරීමට පෙර වාහන 1782 ක LC විවෘත කරලා – ආනයනය කළ සමාගම් ලැයිස්තුව ප්‍රසිද්ධියට
මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට
කිරි තේ මිල අද රාත්‍රියේ සිට ඉහළට
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළිවෙයි!
දිගින් දිගටම ඉහළ යන ඩොලරය! ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
Port Cityයේ මුහුදට මුහුණලා තිබුණු අන්තිම බිම් කොටසට මොකද වුණේ?
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! චාමර සම්පත්ව පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට නියෝග!
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්