ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අනාගත ගමන් මඟ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිලධාරීන් කණ්ඩායම අද (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ දේවාජිත් සකියා ඇතුළු ICC නියෝජිතයන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්ව ඇති බවයි සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මෑතකාලීන වෙනස්වීම්වලින් අනතුරුව සිදුවන මෙම ICC නිලධාරීන්ගේ සංචාරය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට ඉතා තීරණාත්මක වනු ඇතැයි පැවසෙන අතර, ජනාධිපතිවරයා හමුවීමට පෙර, මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලස්ථානයේදී එහි නව පරිපාලන නිලධාරීන් සමඟ ද සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙර පැවැති නායකත්වය ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් නව පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා නව දෙනෙකුගෙන් යුත් “ක්‍රිකට් පරිවර්තන කමිටුවක්” (Cricket Transformation Committee) පත් කරන ලද අතර, ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට පැවරී ඇත්තේ ඉදිරි නිලවරණය පවත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීම සහ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමයි.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්