Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

12 hours ago

රුපියල අවප්‍රමාණය වෙමින් අඛණ්ඩව ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ ආනයනික භාණ්ඩ රැසක මිල ඉදිරියේදී ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්‌ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම්, සුබ්‍රමනියම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඒ අනුව ඉදිරියේ දී සීනි, පරිප්පු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යනු ඇති බවය. 

මේ අතර ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංසදය පැවසුවේය. 

වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *