ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන 17 වසරක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ සඳහා ජනාධිපතිවරයා සහ ආරක්ෂත අමාත්‍ය මෙන්ම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් සහභාගී වන බවයි.
මීට අමතර, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙම සැමරුම සඳහා එක්වන බවත්, මින් පරිභාහිරව වෙනත් කිසිදු දේශපාලන අධිකාරියට ආරාධනා නොකළ බවත් ඔහු සඳහන් කළා.
ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා දායකත්වය දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධන කර ඇත්ද යන්න මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
“මේ සඳහා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරුන් විදිහට සහ ජනාධිපතිතුමා විදිහට මැදිහත් වෙන්නේ. අනිත් අය ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ අය ඊට අමතරව වෙනත් දේශපාලන අධිකාරියේ අයට ආරාධනා කරලා නෑ”

ඩයලොග් නව සන්ධිස්ථානයක් පසු කරයි
රත්නපුරට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
නීතිඥ යුවළ ඝාතනයට අදාළ රියදුරුව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී
රණවිරුවන්ගේ දුක සැප බලන්න ගිය ජනපති අනුර (ඡායාරූප)
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් ලංකාවටත් බලපෑමක් එල්ල වෙයිද?
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අද අධිකරණයේදී හෙළි වූ කරුණු
ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු! අද කාලගුණ නිවේදනය!
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්! මෙවර සැමරුමෙහි විශේෂත්වයක්!