ඩෙංගු වසංගත තත්ත්වය මර්දනය කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් සිදු කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේ, මෙම තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බවය.
“2017 වසරේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දැක්කා. ඒ හා සමාන මට්ටමකට මේ වෙද්දී ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් පසුගිය මැයි මාසය වනවිට රට පුරා වාර්තා වුණ සමස්ත රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ජුනි මාසයේදී වාර්තාවෙලා තියෙනවා. මැයි මාසයේදී රෝගීන් 8600ක්. නමුත් ජුනි මාසයේදී පළවෙනි සති දෙක තුළ පමණක් රෝගීන් නව දහසකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තාවෙලා තියෙනවා. මේකෙන්ම පේනවා මේ තුළ තියෙන අනතුර මොකක්ද කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුද්දේ, මේ කාලයට සාපේක්ෂව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 200කින් වැඩිවෙලා තියෙනවා. වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ, බස්නාහිර පළාතෙන්.
මේකේ තියෙන බරපතළම කාරණාව තමයි, ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම තවමත් උපරිම මට්ටමට ළඟාවී නොමැති වුණත්, සෞඛ්‍ය පද්ධතිය තමන්ගේ උපරිම ධාරිතාවට පත්වෙමින් තිබෙනවා. කාර්යය මණ්ඩලයේ, ඖෂධ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා.
මේක ජාතික හදිසි තත්ත්වයක් සේ දකින්න ඕනේ. මින් ඉදිරියට මේ තත්ත්වය වර්ධනය වුණොත්, මේ සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි වනවා. ඒ නිසා තැනින් තැන ඩෙංගු මර්දනය සඳහා ව්‍යාපෘති සිද්ධ කරනවා වෙනුවට අපි විශ්වාස කරනවා. සියලු පාර්ශ්ව එකතැනකට ගෙනල්ලා, ජාතික මට්ටමේ කමිටුවක්, එහෙම නැත්නම් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරලා, ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් ඉලක්ක ගත ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කරලා ඒ සැලැස්ම බිම් මට්ටම දක්වාම ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙන්න අවශ්‍යයි.”

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න!
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා ගොනු කරයි
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීට ඇප
රටම කළඹන මන්ත්‍රී අර්චුනාට සෙරෙප්පු මාලයක්
ජනපති හමුවීමෙන් පසු ICC සභාපති තැබූ X සටහන
පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මෙක්සිකෝව පත්වෙයි
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි
ඩොලරය තවත් පහළට
රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ