Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා පිලේ ගෞරවය බේරාගත් ධනංජය ද සිල්වාගේ ශතකය

34 minutes ago

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් නායකත්වයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා, පන්දු 168කදී හතරේ පහර 17ක් ද සමඟින් අලංකාර ලකුණු 120ක් රැස් කළේය. මෙය ධනංජයගේ 12 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොත්වලට එකතු විය. එමෙන්ම එය ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කළ දෙවැනි ශතකය මෙන්ම, කොදෙව් දූපත් භූමියකදී ලබාගත් ඔහුගේ ප්‍රථම ටෙස්ට් ශතකය ද වේ.

පසුගිය 2024 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් ලබා ගැනීමෙන් පසු, ඉනිම් 22ක් පුරා පැවති පිතිකරණ නිහඬතාව බිඳදමමින් ධනංජය මෙම ශතකය වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමකි.

ශ්‍රී ලංකා ඉනිම මැදපෙළදී අසීරු තත්ත්වයක පවතිද්දී ධනංජයට අනගි සහායක් දුන් සොනාල් දිනූෂ ලකුණු 43ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් පැවැත්වූහ. සොනාල්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි වේගපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක ද ධනංජය සමඟ එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් ගොඩනඟමින් ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායක විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308කට සීමා වීමෙන් අනතුරුව, පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය ප්‍රථම ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී එක් පන්දුවාරයකට මුහුණ දී සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *