ජාතික විදුලිබල ජාලය සතු විදුලිය සුරක්ෂිතව ගබඩා කර තබා ගනිමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ හා විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘතිය යටතේ, තවත් නවීන පද්ධති 07ක් ඊයේ (25) සාර්ථකව කොළඹ වරායට ළඟා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සහ බලශක්ති අංශ ආරංචි මාර්ග පවසයි.
මෙම අතිනවීන බැටරි පද්ධති, දිවයිනේ ප්‍රධාන සම්ප්‍රේෂණ උපපොළවල් (Grid Substations) 07ක් ආසන්නයේ කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම පද්ධති ස්ථාපිත කිරීම සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශ වන්නේ:
- පානදුර
- බෙලිඅත්ත
- හම්බන්තොට
- අම්පාර
- වව්නතිව්
- වාලච්චෙනෙයි
- මහියංගනය
ඊයේ (25) මෙරටට ළඟා වූ මෙම පද්ධති 07 මඟින් සමස්තයක් ලෙස 280MWh (මෙගාවොට් පැය) ක බලශක්ති ගබඩා ධාරිතාවක් (Storage Capacity) හිමි කරදෙන අතර, අවශ්‍යතාවය අනුව 70MW (මෙගාවොට්) ක සක්‍රීය විදුලි බලයක් ඍජුවම ජාතික විදුලිබල ජාලයට මුදාහැරීමේ හැකියාව පවතී.
මීට පෙර ජූනි මාසයේ මුල් සතියේදී මෙරටට රැගෙන ආ පළමු අදියරේ බැටරි පද්ධති 08 මේ වන විටත් අදාළ උපපොළවල් හි ස්ථාපිත කරමින් පවතී. එළැඹෙන ජූලි මාසය අවසන් වන විට එම පද්ධති 08 මඟින් තවත් 80MW ක විදුලි බලයක් ජාතික ජාලයට එක් කිරීමට නියමිතය

සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය