මේ වසරේ ඉදිරි මාස 06 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, වසරේ මුල් මාස හය සඳහා ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවු බවයි.
ඒ අනුව ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍යවරයා පවසනවා.
වර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය සිදුකෙරෙන අතර මේ වසරේ මුල් මාසය 06 සඳහා ද ජල ගාස්තු සංශෝධනයක් සිදුනොකිරීමට රජය පියවර ගෙන තිබුණා.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“අපිට අදහසක් තියෙනවා මේ මාස 6 පිරිවැය කොතරම් වැඩි වුණාද කියන එක ගැන. ප්‍රධාන වශයෙන් තියෙන්නේ 18%ක විදුලිබිල වැඩිවීම විතරයි. ඉන්ධන මිල වැඩිවීම ඇත්තටම ජල පිරිපහදු කටයුතු සඳහා බලපාන්නේ නෑ. විදුලිය වැඩිවීම තමා බලපාන්නේ. නමුත් විදුලිය වැඩිවීම ජල ගාස්තුවේ 12%ක ප්‍රමාණයක් තමා විදුලිබිල තියෙන්නේ. ඒ නිසා 21% ප්‍රමාණය තමා 18%කින් වැඩිවුණේ. ඒක රු 2.50ක් වගේ ප්‍රමාණයක් ජල ඒකකයකට. ඒ නිසා මේ මාස 6 පිරිවැය ඉතා සුළු වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉදිරි මාස 6ටත් ජල ගාස්තුව සංශෝධනය නොවන්න තමා ඉඩ තියෙන්නේ.”

හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්
සතුරු ප්‍රහාර මැද ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
සලේගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් රැසක් කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! අධිකරණයේදී සිදු වූ සම්පූර්ණ කතාව මෙන්න!
ප්‍රදේශ කිහිපයකට වැසි
මෙම ආයතනවල මුදල් තැන්පත් කරන්න එපා! තැන්පත් කළොත් මුදල් අනතුරේ! මහ බැංකුගෙන් විශේෂ නිවේදනයක්!
අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක්
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
සුනඛයින් සම්බන්ධ නව පනත් කෙටුම්පත ගැන ගත් තීරණය
මසක් තුළ ස්පාඤ්ඤ වැසියන් දහසකට අධික පිරිසකට දිවි අහිමි කළ අධික උණුසුම
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක්