Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්

40 minutes ago

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අද (02) පෙරවරු 11.00 ට ඇම්බර් වර්ණයෙන් යුත් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය හෙට (03) පෙරවරු 11.00 දක්වා බලාත්මක වනු ඇත.

එම නිවේදනයට අනුව මධ්‍යම, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

මීට අමතරව දිවයින වටා මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකිය. තවද, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 ත් 2.5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ අවදානමක් ද පවතින බව එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම රළු මුහුදු ස්වභාවය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවටත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසටත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *