මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, එම රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවය.
මේ අතර, දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අද (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර සිටියේ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ගැන මෙන්ම සෙසු බන්ධනාගාරවල මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්