Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්

1 hour ago

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට පැමිණිය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

එල් -නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙහි උච්චතම අවස්ථාව නොවැම්බර් මාසය වනවිට පැමිණිය හැකි බවය.

ජූලි, අගෝස්තු, සැප්තැබර් යන මාසයන්වලදී ඒ අනුව ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි අතර, ඔත්තොබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතයක් දිවයිනට බලපා හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එල් -නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා රාජ්‍ය අංශ ආයතනික වශයෙන් දැඩි බලගැන්වීමක් සිදුකරනු ලබන බවද පැවසු අමාත්‍යවරයා, මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ගෝලීයව බලපාන පාරිසරික තත්ත්වයක් වන බවද කියා සිටියේය.

එම නිසා මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාවගේ සහයෝගය මෙන්ම සහභාගීත්වය ද ඉතා වැදගත් බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී දැඩි නියඟයක් ඇති වීමට පවා ඉඩ ඇති බව සඳහන් කළේය.

මේ හේතුවෙන් බලශක්තිය මෙන්ම ජලයද අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රැකියා සහ ආර්ථික අවස්ථා අහිමි වීම ද එල් නිනෝ බලපෑම හමුවේ සිදුවිය හැකි ප්‍රධාන තත්ත්වයක් බවත් මේ හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරිහීමකට ලක්විය හැකි බවද පැවසීය.

මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් විජේමාන්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පැවසුයේ මෙම එල්-නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට පැමිණිය හැකි බවයි.

මේ අතර මෙතෙක් ලෝකයේ මෙම එල්-නිනෝ තත්ත්වය දුර්වල මට්ටමේ පැවති අතර වර්තමානය වන විට මෙම තත්ත්වය මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් ඇති බව පැවසීය.

ඉදිරි දින කිහිපයකදී නියඟයක් මෙන්ම තද වර්ෂාපතයක් ඇති විය හැකි බව ඔහු පැවසීය.

මේ අතර එල් නිනෝ යනු මාස 10-12ක් පවතින සංසිද්ධියක් බවද එතුමා සඳහන් කළේය.

මෙම මාසයේ ඉදිරිදින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මෙන්ම ,ගාල්ල මාතර වැනි ප්‍රදේශවල වර්ෂාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව එතුමා සඳහන් කරයි.

නමුත් සෙසු ප්‍රදේශ තුළ වැසි රහිත මෙන්ම උෂ්ණත්වයේ වැඩි වීමක් ද බලාපොරොත්තු විය හැකි බව පැවසීය.

සැප්තැබර් අවසාන කාලයේ තරමක් දුරට වැසි තත්ත්වයක් බලාපොරොත්තු වන බවද ඔක්තොබර් සිට පවතින වැසි තත්ත්වට වඩා වැඩි වැසි තත්ත්වයක් ඇති විය හැකි බවද පැවසීය.

වසරේ අවසාන මාසයන් තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද එතුමා පැවසීය.

මේ අතර, අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාවය 81%ක් ලෙස පවතින බව ගෝලීය වශයෙන් සෞඛ්‍ය අංශයන් නිවේදනය කර ඇති බවද පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *