Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!

1 hour ago

කාලයක් තිස්සේ විවිධ අතරමැදියන්ට සහ දේශපාලනඥයන්ට නතුව තිබූ ඊශ්‍රායල් රැකියා බඳවාගැනීමේ ක්‍රියාවලිය ඉන් මුදවාගෙන, පූර්ණ විනිවිදභාවයකින් සහ කිසිදු බාහිර මැදිහත්වීමකින් තොරව සිදු කිරීමට කටයුතු කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජනතාව පැතූ වෙනස එය බැවින් සෑම ක්ෂේත්‍රයකටම මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සිටින බවත්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම දූෂණයෙන් තොර ක්ෂේත්‍රයක් බවට පත් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්වීමට නියමිත ශ්‍රමිකයන් 164 දෙනෙකු අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මීට පෙර විගමනික ශ්‍රමිකයන් සඳහා රැකියා සුදුසුකම් සපුරා ගැනීමේදී දේශපාලනඥයන්ගේ සහ ආයතනික නිලධාරීන්ගේ මැදිහත්වීම් පැවැති නමුත්, වර්තමානයේ දී ඉතා විධිමත් හා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල ඉදිකිරීම් රැකියා ක්ෂේත්‍රය සඳහා 3,700ක පොරොත්තු ලේඛනයක් ඉදිරිපත් කළත් පීබා (PIBA) ආයතනය විසින් මෙම 164 දෙනා තෝරාගෙන තිබේ.

මෙම වසර තුළදී මේ වන විටත් ඊශ්‍රායල් රැකියා සඳහා 2,500ක පිරිසක් යොමු කර ඇති අතර, තවත් 6,500ක පිරිසකට රැකියා ඉඩකඩ පවතී. එමෙන්ම ඉදිරියේදී තවත් අලුත් ක්ෂේත්‍රයක රැකියා 1,000ක් පමණ ලැබීමට නියමිත බැවින්, මෙම වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායල් රැකියා සඳහා 10,000ක පිරිසක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.

කාර්යාංශයේ නිල ලියාපදිංචිය හරහා අවම මුදලක් වියදම් කරමින් ඊශ්‍රායල් රැකියා සිහිනය සැබෑ කරගැනීමට ඕනෑම අයෙකුට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *