අධික උණුසුම් කාළගුණය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වූ එප්පාවල ප්‍රදේශයෙන් ඊයේ (26) තවත් සැක සහිත මරණයක් වාර්තා වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ එප්පාවල යාය 02 මැදියාව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි තිදරු පියෙක්.
පවුලේ සාමාජිකයින් පැවසුවේ ඔහු දිගු වේලාවක් දැඩි අව් රශ්මියට නිරාවරණය වී ඇති බවයි.
ඊයේ දහවල් කාලයේ මෙම පුද්ගලයා නිවසෙන් බැහැර වී සිය කුඹුරු වැඩ කටයුතු සඳහා ගොස් තිබූ අතර එහි දී දීර්ඝ වේලාවක් ඔහු අව් රශ්මියට නිරාවරණය වෙමින් රැදී සිට තිබෙනවා.
නැවත නිවස බලා නොපැමිණීම නිසා නිවැසියන් ඔහු සොයා කුඹුරට පැමිණ තිබූ අතර එහි දී මෙම පුද්ගලයා කුඹුරු යාය මැද වැටී සිටි බවයි වාර්තා වන්නේ.
පසුව ඔහු එප්පාවල ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර ඇතත් එම අවස්ථාව වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ අදහස් දැක් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අජන්තා රත්නායක පැවසුවේ අධික උණුසුම් කාලගුණය හමුවේ මේ වන විට ජනජීවිතයට බලපෑම් එල්ලවෙමින් පවතින බවයි.


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්