Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ෆේස්බුක් ඔස්සේ අසැබි ඡායාරූප විකුණූ පුද්ගලයෙක් අධිකරණයට

45 seconds ago

සමාජ මාධ්‍ය හරහා වසර දෙකක සිට ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු අද(28) ළමා හා කාන්තා කාර්යාංශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

කරුණු විමසා බැලීමෙන් අනතුරුව අදාළ සැකකරුවා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුලු නිලධාරීන් පවසා සිටියේ, මෙම සැකකාර තරුණයා විසින් අවුරුදු දෙකක සිට සමාජ ඔස්සේ මෙම ජාවාරම තුළින් මුදල් උපයා ඇති බවයි.

මෙම සමාජ මාධ්‍ය ගිණුමේ මේ වන විට 8000කට අධික පිරිසක් එක්ව සිටින බව දක්නට ලැබෙන බවද ළමා හා කාන්තා කාර්යාංශය එහිදී සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *