පුරාවස්තු සොයා ගැනීමේ අරමුණින් රහසිගතව කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු ඒ සඳහා යොදාගත් නවීන තාක්ෂණික හා කැණීම් උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැලිකන්ද පොලීසිය සමත්ව තිබේ.
වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු පූර්ව බුද්ධි තොරතුරකට අනුව ඊයේ (11) රාත්‍රී කාලයේ වැලිකන්ද පොලිස් වසමට අයත් මුතුවැල්ල ප්‍රදේශයේදී මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී පුරාවස්තු සෙවීමට යොදාගත් ස්කැනර් යන්ත්‍රයක්, රවුටරයක්, පවර් බෑන්ක් එකක් සහ කැණීම් සඳහා භාවිතා කළ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 55, 59, 63 සහ 67 යන වයස්වල පසුවන වැලිකන්ද, හිඟුරක්ගොඩ, පොලොන්නරුව සහ මැදිරිගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. වැලිකන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දීර්ඝ කෙරේ
හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා
වීරකැටියේ වෙඩි තැබීමක්! තරුණයෙකුට තුවාල!
බෙන්තොට මුහුදේදී අතුරුදහන් වූ ඉන්දියානු තරුණයා
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට
විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?
ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි
උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවෙලාද? විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි