Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

president secretary office

හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා

33 minutes ago

ජනාධිපති අරමුදලින් හිටපු අගමැතිවරයෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවත අය කර ගැනීමේ පදනම මත දුන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි.

ජනාධිපති අරමුදලෙන් හිටපු අගමැතිවරයෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ​2012 සහ 2014 යන කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් සඳහා රුපියල් හාර කෝටි හත් ලක්ෂ දාහත් දහස් නවසිය හතළිස් එකක මුදලක් ලබා දී එයින් නැවත අය කරගැනීමේ පදනම මත දුන් රුපියල් දෙකෝටි හතළිස් හය ලක්ෂ පනස් හත්දහස් පහළොවක මුදල 2026 මැයි 20 වන විටත් අය කරගෙන නොමැති බව එහි සඳහන්වේ.

​2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඡ) වගන්තියට අනුකූලව කරන ලද විගණන නිරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. හිටපු ​පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලබා දුන් රු. 10,908,798 (2012 අප්‍රේල් 04 වන දින) මුදල සහ ​හිටපු අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් රු. 13,748,217 මුදල ​2026 මැයි 20 වන දින තෙක්ම නැවත මෙසේ අය කරගෙන නොමැත.

මේ තොරතුරු සඳහන් වන්නේ ජනාධිපති අරමුදලේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *